What is the Network Marketing

daiu

ලෝකේ අලෙවිකරණ ක්‍රමවේද ගණනාවක් තියනවා. උදාහරණ විදියට;

1) Tele-marketing

2) Social media marketing

3) Video marketing

4) SMS marketing

5) Email marketing

6) Affiliate marketing

ආර්ථික විශේෂඥයෝ කියන විදියට ලෝකේ තියන අනෙකුත් සියලු අලෙවිකරණ ක්‍රමවේද අභිබවා ඉදිරියට එන අලෙවිකරණ ක්‍රමවේදය තමයි network marketing කියල කියන්නේ. 21 වන සියවසයේ අලෙවිකරණ ක්‍රමවේදය කියලත් සමහරු හදුන්වනවා. ආර්ථික විශේෂඥයෝ කියන විදියට අනෙකුත් අලෙවිකරණ ක්‍රමවේද වල සාර්ථකත්වය 10%යි. ඒ කියන්නේ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් සාමාන්‍ය අලෙවිකරණ ක්‍රමවේද වලින් විකුණුවොත් මිනිස්සු 100 දෙනෙකුගෙන් 10 යි ඒ භාණ්ඩය හෝ සේවාව මිලිදී ගන්න පෙළබෙන්නේ, නමුත් network marketing වල මේ අගය 90% ක්.  එක නිසාම තමයි network marketing අනෙකුත් සියලු අලෙවිකරණ ක්‍රමවේද අභිබවා ඉදිරියට එන්න හේතුව.

සාමාන්‍ය අලෙවිකරණ ක්‍රමවේදයක් ගත්තොත් භාණ්ඩයක් නිෂ්පාදනය වෙන තැන ඉඳල අපි අතට එන්න වෙනකන් අතරමැදියෝ රාශියක් ඉන්නවා

අපි පොඩ්ඩකට මෙහෙම හිතමු. ඔයාට ජංගම දුරකතනයක් මිලදී ගන්න ඕනනම් ඔයාට ඒක කෙලින්ම නිෂ්පාදකයාගෙන් මිලදී ගන්න බෑ. ඔයාට ඒක  මිලට ගන්න වෙන්නේ Retail shop එකකින්. එහෙමත් නැත්නම් whole sale shop එකකින්.  අපි කලින් කියපු ජංගම දුරකතනය ඔයාගේ අතට එන්නේ ඉහත දක්වපු පියවර පහු කරගෙන.

ඒ හැම පියවරකදීම අතරමැදි මුදලක් අයකරගන්නවා.

ඒ විතරක් නෙවෙයි. පහත දක්වපු විදියේ තවත් පාර්ශවික අතරමැදියොත් ඉන්නවා. මේ අතරින් නාස්තිකාරම අතරමැදියා තමයි ප්‍රචාරණය කියන අතරමැදියා.

කව්රුත් දන්නවා ඇති tele-marketing වලට එහෙමත් නැත්නම් tv advertising වල වියදම. advertisement එකක් නිෂ්පාදනය කරන තැන ඉදල විකාශය කරන තැන වෙනකන් විශාල මුදලක් වැයකරනවා. එකේ රඟපාන නළුවට, නිලියට කෝටි ගානක් ගෙවනවා, advertisement එක සංස්කරණය කරන්න තවත් මුදල් යොදවනවා, ඒ විතරක්ද ඒ advertisement එක විකාශය කරන්න යන මුදල????? රාත්‍රී 8-10 mega tele දෙපැය තුල තත්පර 30ක් වෙන්කරගන්න අඩුමගානේ ඉලක්කම් 5ක මුදලක් ගෙවන්න ඕනෑ. අපි ඒගැන කතා නොකර ඉමු :-(( පොඩ්ඩක් තේරුම් ගන්න මේ නාස්ති වෙන්නේ ඔයාගේ මුදල්. ඇත්තටම tv advertisement එකක් දැකපු පමණින් කෙනෙක් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නවද? නෑ නේද? ඒ භාණ්ඩය භාවිත කරන කෙනෙක්ගෙන් එකේ ගුණ-දොස් අහනවා නේද? එහෙම බැලුවම ඇත්තටම advertisement එක රඟපාලා තියෙන්නේ කවුද? ඔයාමයි නේද? හරි දැන් ඔයා ඒ advertisement එක රඟපෑවා කියල සමාගම ඔයාට මුදලක් ගෙවනවද? sure ඔයාගේ උත්තරය

“නෑ අද වෙනකම් එහෙම ගෙවලා නෑ!”

ඒත් පිළිගන්න අද ඉඳල ඔයාට ඒ වෙනුවෙන් මුදල් ගෙවනවා. මන් දන්නවා ඔයාගේ ඊළඟ ප්‍රශ්නය,,, කීයක්ද ගෙවන්නේ? ඒ ගැන වැඩි විස්තර දැනගන්න එකතු වෙන්න අපිත් එක්ක .

Network marketing වල විශේෂත්වය තමයි මේ අලෙවිකරණ ක්‍රමවේදයේ මන් අර කලින් කිව්ව නාස්තිකාර අතරමැදියෝ නෑ, අතරමැදියෝ වෙන්නේ පාරිභෝගික අපිම තමයි. මන් මේ කියන්නේ ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක ස්වාධින අලෙවි නියෝජිතයෙක් වෙලා මාසෙකට ලක්ෂ ගානක් හොයන විධිය ගැන.

(වරදවා හිතන්න එපා. මේ direct selling නම් නෙවෙයි.)

Network marketing වල මුලධර්මය තමයි “Use & Recommend”

ඒ කියන්නේ තමන් මොකක් හරි භාණ්ඩයක් හෝ සේවාවක් භාවිත කරලා ඒක තව කෙනෙක්ට recommend කරනවට අදාල සමාගම ඔහුට හෝ ඇයට commission එක ගෙවීම සිදු කරනවා.

ඔයාට කොහෙවත් යන්න නෑ

Products විකුනන්න නෑ

සතියටම පැය 6ක් වගේ වෙන් කලාම ඇති

Time එක තමන් කැමති විධියට manage කරගන්න පුළුවන්

ඔයාට උදව් කරන්න, මග පෙන්නන්න ලංකාවේ දහස් ගණනක team එකක් ඉන්නවා

කොටින්ම කිව්වොත්ඔයාට ගෙදර ඉඳන් මුදල් උපයන්න පුළුවන් !

කෙනෙක්ට පුළුවන් සාමාන්‍ය සමාගමකින් භාණ්ඩයක් මිලදී අරගන්නවා වගේ Network Marketing සමාගමකින් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී අරගෙන ඒ භාණ්ඩයේ සේවය විතරක් අත්විඳින්න. හැබැයි ඉන් එහාට මුදලක් උපයන්න කැමතිනම් එකතුවන්න මේ දැවැන්ත ක්ෂේත්‍රය එක්ක.