#Success Stories

Network marketing මගේ ජීවිතය සාර්ථක කලා

sandaru

උ .පෙළ අවසන් කර නිවසේ සිටින කාලයේදී මිතුරෙක් මාර්ගයෙන් මෙම මේ ක්ෂේත්‍රය ගැන දැනුවත් වුනේ. මම presentation එකට සහභාගී උනේ අහම්බෙන්. Network marketing පිළිබද කිසිවක් නොදැන සිටි මට ක්ෂේත්‍රය ගැන සම්පුර්ණ අවබෝධයක් ලබා දුන්නා. එපමණක් නොව නීත්‍යානුකූල ලෙස මෙම ක්ෂේත්‍රයේ නිරතවන ආකාරය 100% ඉගෙන ගත්තා.

ඇත්තටම මේ ක්ෂේත්‍රය මට කියපු මගේ යාලුවා ටත්, මේ ක්ෂේත්‍රය තුල අපිව මේ තරම් දුරකට ඔසවල තිබ්බ core-leader team එකට මගේ විශේෂ ස්තුතිය පුදකරනවා. ඇත්තටම මම core-leader team එක ගැන වචනයක් කියන්නම ඕන. අපි මේ ක්ෂේත්‍රයට එද්දී කිසි දෙයක් ගැන දැනගෙන හිටියේ නෑ. අඩුම ගානේ යාළුවො දෙන්නෙකුට මේ business එක introduce කරන presentation එකට invite කරන විදියවත් දන්නේ නෑ. මට අද වගේ මතකයි; මම signup වෙච්ච දවසේ මම මට presentation එක කරපු leader ගෙන් මම ඇහුව “අයියේ මට මේක කරගෙන යන්න පුළුවන් වෙයිද?” මට අද වගේ මතකයි එදා ඔහු හිනාවෙලා කිව්වා “මල්ලි මාස 4ක් මේ field  එකේ ඉඳල බලන්න, ඔයා අසාර්ථක උනොත් මම ඔයාට ඔයා ගත්ත product එකේ ගාන refund කරන්නම්”. මම ඒ වචනය ගොඩක් විශ්වාස කළා. මම සති  2ක් යන්න කලින් මගේ basic signup 2 දැම්මා. Network marketing ගැන තියන වැඩමුළු, training program වලට සහභාගී වුනා. මේ ක්ෂේත්‍රයේ ප්‍රභලයෝ එක්ක අදහස් හුවමාරු කරගන්න මට අවස්ථාව ලැබුනා.

ඒ  වගේමයි core-leaders ලා අපේ presentation ඔක්කොම කරලා දුන්නා. අපේ team එක හදාගන්න විධිය සම්පුර්ණයෙන් කියල දුන්න. ඇත්තටම කිව්වොත් ඒ ගොල්ලෝ මගේ මුළු ජිවිතයම වෙනස් කළා.මගේ අසාර්ථක, අධෛර්යමත් ජීවිතය ඒ ගොල්ලෝ භාර අරගෙන ඒ වෙනුවට මට අලුත් ජිවිතයක් දුන්නා. මේ ක්ෂේත්‍රයට අලුතෙන් එකතුවෙන කෙනෙකුට මට කියන්න තියෙන්නේ මේ වැඩේ කරන යන්න බැරිවෙයි කියල ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. core-leaders ලා ඔයාට 100%ක් උදව් කරනවා.

කොහොමහරි කාලය ගෙවිලා ගියා,,,,,,,,,,,,,,,,,,,,,

අද මම මගේ target එක achieve කරලා ඉවරයි. මට හිතෙනවා මම කළේ මම සහ මගේ පවුලේ අය වෙනුවෙන් ලොකු ආයෝජනයක් කියලා. ලෝකය පුරා ව්‍යාප්ත වන දැවැන්ත ක්ෂේත්‍රයක කොටස්කාරයෙක් වෙන්න මම වාසනාවන්ත වුනා. අද මම ලංකාව පුරා ව්‍යාප්ත වෙච්ච දැවැන්ත ජාලයක හිමිකරුවෙක්.

මේ ක්ෂේත්‍රය මගින් තව අපේ රටේ කට්ටියව හරි මගට ගන්න පුලුවන් නම් එකත් ලොකු පිනක්. අපිට අපේ අනගතේට මේ ක්ෂේත්‍රය අනිවාර්යයෙන්ම ලොකු ශක්තියක්. අපි මේ ලබාගත් දෙයින් ඉස්සරහට තියන අඩියක් ගානෙ core-leader team එකට පින් ලැබෙනවා. මට අන්තිමට core-leaders ලාට දෙයක් කියන්න ඕන,,, ලංකාවේ කොල්ලෝ ඉන්නවා 20,000 – 30,000/- පඩියට garment වල, private company වල වැඩ කරන. අන්න ඒ පිරිසට මේ ක්ෂේත්‍රය හදුන්නල දෙන්න.

ස්තුතියි!

 

>>