#Is this Legal?

Network marketing නීතිගත ද?

daiu

කුමක් හෝ ව්‍යාපාරයකට මුදල් ආයෝජනය කිරීම හෝ කොටස් වෙළදපොල ආයෝජනය කිරීමට වත්මන් සමාජයේ ගොඩක් දෙනා පෙලබෙනවා. සමහරු ක්ෂේත්තය ගැන හරිහැටි දැනගෙන පිවිසුනත් ගොඩක් මිනිස්සු මේ හා සම්බන්ධ නීතිමය ස්වභාවය ගැන හරිහැටි දන්නේ නෑ. ඒක නිසාම ගොඩක් දෙනා එක එක මිනිස්සු කියන කතා වලටයි, මාධ්‍ය ආයතන කරන වැරදි ප්‍රචාර වලටයි රැවටෙනවා.

එක එක අයගේ බොරු කතා වලට රැවටෙන්න ඕන නෑ! මොකද ඔයා වැරදි business එකක invest කරලා අමාරුවේ වැටුනොත් ඔයාව බේරගන්න ඔය නීතිය ගැන ලොකුවට කතා කරන කවුරුවත් එන්නේ නෑ. ඒක නිසා වැඩේට අත ගහන්න කලින් නෛතික ස්වභාවය කොහොමද කියල බලන එක කෝකටත් හොඳයි.

2005 අංක 2 දරන බැංකු (සංශෝධන) පනත කියවල බලන්න. ඒකෙ පැහැදිලිවම කියනවා නීති විරෝධී ව්‍යාපාරයක් හා network marketing වෙන් කරලා හඳුනා ගන්නේ කොහොමද කියල.

 


 

 

ඉහත දක්වල තියන කාරණා දෙක අපි වෙන වෙනමම විග්‍රහ කරලා බලමු

– 1 –

ලෝකේ කිසිම network marketing company එකක් agent කෙනෙක්ට ඒ agent ගෙන් පහල team එකේ ඉන්න agents ලා ගානට එහෙමත් නැත්නම් මිනිස්සුනේ ඔළුගෙඩි ගානට commission එක ගෙවන්නේ නෑ. Agent කෙනෙක්ට commission එක ගෙවන විදිය ගැන වැඩි විස්තර කලින් කොටසේදී කතා කලා. පැහැදිලිවම ඔයාට තේරෙන්න ඇති agent කෙනෙක්ට commission එක හම්බ වෙන්නේ ඒ agent විසින් collect කරන point ගානට කියල. ඒක තමයි networking වල මුලධර්මය.

මම ඒ කාරණාව තවත් පැහැදිලි කරන්නම්. මෙහෙම හිතන්න,
මම උපල්කල්පනයක් කරන්නම් එක point එකක value එක 100/- ක් කියල. (මේ value එක company එකෙන් company එකට වෙනස් වෙනවා )

හොඳට බලන්න;
ඔයාගේ Division දෙකටම ඔයාට හම්බ වෙන commission එක සමානයි.
Division දෙකේ collect වෙලා තියන point ගාන සමානයි.
නමුත් Division දෙකේ ඉන්න Agents ලා ගාන අසමානයි නේද?

දැන් තේරෙනවා නේද? ඔයාට හම්බ වෙන commission එක ඔයාගේ Division දෙකේ ඉන්න Agents ප්‍රමාණය කියන සාධකය මත රඳා පවතින්නේ නෑ කියල. 

 

– 2 –

දෙවැනි කාරණය නම් Network marketing company එකකට කොහෙත්ම අදාළ වෙන්නේ නෑ. මන් එහෙම කියන්න හේතුව Network marketing ක්ෂේත්‍රයේ දායක මුදල් කියල දෙයක් නෑ. රජයේ ලියාපදිංචි සමාගමකින් යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීම විතරයි මෙතන සිද්ධ වෙන්න. පොඩ්ඩක් මෙහෙම හිතමුකෝ, ඔයා ජිවිතයේ කොච්චර නම් භාණ්ඩ හා සේවා මිලදී අරගෙන ඇත්ද? අපි හිතමු ඔයා සාමාන්‍ය සමාගමකින් සබන් කැටයක් මිලදී ගත්ත කියල. ඔයාට ඒ සබන් කැටය මිලදී ගැනීමත් සමාගම ඒ සබන් කැටය නිෂ්පාදනය කරන සමාගමේ ස්වාධින අලෙවි නියෝජිතයෙක් වෙලා අමතර මුදලක් උපයන්න පුළුවන් ව්‍යාපාර අවස්ථාවකුත් ඔයාට හිමි වෙනවද? නෑ නේද? නමුත් ඔයා Network marketing company එකකින් භාණ්ඩයක් මිලදී ගත්තොත් ස්වාධින අලෙවි නියෝජිතයෙක් වෙලා මාසෙකට ලක්ෂ ගානක් හොයන්න පුළුවන් ව්‍යාපාර අවස්ථාවකුත් ඔයාට නොමිලේ හිමි වෙනවා.

Tags: ,
<<     >>