• මිනිස්සු හතර ආකාරයකට තම නිදහස භුක්ති විදිනවා

    daiu . . #Time and Money 

    අපේ සමාජේ ඉන්න මිනිස්සු මම කාරනා දෙකක් මත සංශිප්ත කරන්නම්, ඒ තමයි මුදල් සහ කාලය ඒ අනුව ගත්තම මිනිස්සු කොටස් 4කට වෙන් කරන්න පුළුවන්.

     

    1වෙනි කොටස

    මේ කට්ටියට සල්ලිනම් ලොකුවට අතේ නෑ. හැබැයි කාලය ඕන තරම් තියනවා ! A/L කරලා ගෙදරට වෙලා ඉන්න නංගිලා/මල්ලිලා, විශ්‍රාමික වැඩිහිටියෝ මේ කොටසට අයත් වෙනවා.


    2වෙනි කොටස

    මේ කට්ටියට සල්ලි තියනවා පැලෙන්න. හැබැයි ඒ සල්ලි වියදම් කරන්න තරම්වත් කාලයක් නෑ! කොටින් ම කිව්වොත් තමන්ගේ පවුලේ කට්ටිය එක්ක, අම්මා/තාත්ත එක්ක, දරුවෝ එක්ක සතුටින් කාලය ගත කරන්න වෙලාවක් නෑ අපි කව්රුත් දන්නා doctor, engineer, accountant, bank manager ඉන්නේ මේ category එකේ තමා


    3වෙනි කොටස

    මේ කොටස ගැන කතා කරන්නවත් අපි නම් කැමති නෑ. මේ කට්ටියට අතේ සල්ලි නෑ. එහෙමයි කියල කාලයකුත් නෑ. අවුරුදු 20-25 job කරන කොල්ලෝ ගැන තමයි මේ කියන්නේ. නිකමට call එකක් අරන් ඇහුවොත් “මචන්, දවස් 2ක trip එකක් තියනවා, යමුද?” කියල; “අපෝ බෑ බන් job එකෙන් නිවාඩු ගන්න බෑ” කියල කියනවා, ඒ එක්කම අහන්නකො බලන්න “මචං පොඩි සල්ලි හදිස්සියක් තියනව පුලුවන්නම් ලොකු උදව්වක් රුපියල් 10000/- දියන් මම දවස් 3න් දෙන්නම් කියල” ඒත් sure එකටම පොර මෙහෙම කියයි “අතේ සල්ලි නෑ බන් පඩිය ගත්ත ගමන් ඉවරයි, රෝලක් බන් ගහන්නේ” ඔන්න ඕකයි තත්වේ!


    4වෙනි කොටස

     ඔන්න අපි ආසම කරන කොටස. මුදල් සහ කාලය කියන සාධක දෙකම අඩුවක් නැතුව තියනවා මේ අයට. මේ කොටසේ ගොඩක් ඉන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ සහ ආයෝජකයෝ. ඇත්තටම මේ කට්ටිය සාර්ථක ජිවිතයක් ගතකරනවා. මොකද කියනව නම් මනුස්සයෙක්ට මානසික නිදහස සිංහලෙන් කිව්වොත් Mental freedom එක ඇති වෙන්න නම් Money freedom වගේම Time freedom එකත් තියෙන්න ඕන