• කොහොමද අපි හොඳ සමාගමක් එක්ක එකතු වෙන්නේ?

    ඕනෑම කෙනෙක් අලුතෙන් මේ ක්ෂේත්‍රයට එන්න කලින් අනිවාර්යයෙන්ම හොයල බලන්න ඕන දෙයක් තමයි තමන් එකතු එකතු වෙන්න හදන company එක විශ්වාසවන්ත, නීති ගත එකක්ද කියලා.  අපි ලංකාවේ තියන හැම company එකක්ම අපි අනුමත කරන්නේ නෑ. සමහර company වල පොඩි පොඩි අඩුපාඩු තියනවා. ඇත්තටම ඒවා හදාගෙන ඒ company වලට ඉස්සරහට යන්න පුළුවන්. එත් සමහර මිනිස්සු එකතුවෙලා හදාගත්තු unit තියනවා. ඒවාට company කියන්නත් බෑ. විකුණන products හොඳ ගුණාත්මක තත්වයේ ඒවා නෙවෙයි. හරිහමන් වගකීමේ සහතිකයක් නෑ. agents ලට commission  එක හරියට ගෙවන්නේ නෑ. මුල් ටිකේ වැඩේ හරියට කර ගිහින් අන්තිම කාලේ වහලා දානවා. මොකද agents ලට commission එක ගෙවන්න තරම් company එකේ business plan එක පන මදි. අති විශාල commission එකක් ගෙවනවා කියල මිනිස්සුන්ව රවට්ටනවා. සැලැස්මක් නෑ. ඒවා 100% ක් නීති විරෝධී. තමන්ගේ අම්ම, තාත්ත, නෑදෑයෝ, යාලුවෝ මේ වගේ නීති විරෝධී ජාවාරම් වලට රැවටිලා තියෙන්න පුළුවන්. සමහරු network marketing වලට අනවශ්‍ය බියක් දක්වන්න හේතුවත් මේකම තමයි.

    ඉතින් කොහොමද අපි හොඳ සමාගමක් එක්ක එකතු වෙන්නේ?

    ඒත් පොඩ්ඩක් හිතන්න ඔයා ඇයි පොඩ්ඩක් මේ ප්‍රශ්නෙට උත්තරය ඔයාගෙන්ම අහන්නේ නැත්තේ? මන් එහෙම කියන්නේ අනිවාර්යෙන්ම ඔයා මොන network marketing company එකක් එක්ක එකතු වෙන්න හැදුවත් ඔක්කොටම කලින් හොයල බලන්න ඒ සමාගම 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ රජයේ ලියාපදිංචි භාණ්ඩ හා සේවා විකුණන සමාගමක්ද කියලා. රජයේ ලියාපදිංචි නම් කිසිම නීතිමය ගැටළුවක් නෑ. මොකද ඒ සමාගමේ භාවිත කරන අලෙවිකරණ ක්‍රමවේදය යටතේ ඔයා සමාගමේ ස්වාධින අලෙවි නියෝජිතයෙක්. ඔයාට හම්බවෙන්නේ ඒ සමාගමේ ඔයාට හිමි වැටුප.

    අපි කාලයක් තිස්සේ ලංකාවේ සියලුම network marketing company වල පසුබිම, හැසිරීම හොඳින් අධ්‍යනය කළා. අපි සුදානම් ඔයාට උදව් කරන්න.

    ආයිත් අපි ඔයාට කරුණාවෙන් කියන්නේ නොදන්නාකමට ජාවාරම්කරුවන්ට අහුවෙලා ඔබේ වටිනා මුදල්, කාලය නාස්ති කරගන්න එපා!