• ලෝකයේ ආදායම් උපයන මිනිසුන් කොටස් 4කි

     


    Employed / Self Employed

    සාමාන්‍යයෙන් මෙම කොටසට අයත් වෙන්නේ වаර්තිකයෝ. වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, බැංකු කළමනාකරුවන් වගේම සුපවේදියෝ, ලිපිකරුවන් හා දවසේ පඩියට සේවය සපයන කම්කරුවොත් මේ කොටසට අයත්.

    ලෝකයේ දක්ෂතම මිනිසුන් සිටින්නේ මෙම කොටසේය. උපාධිදාරීන් 50% මෙම කොටසේ සිටියි. මේ අය කොච්චර දක්ෂ උනත් මේ අයට උපරිම වැඩ කරන්න පුළුවන් පැය 24යි.


    Big Business / Investor

    මේ කොටසට අයත් වෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ හා ආයෝජකයන්.

    ජනග්‍රහණයෙන් 5% යි මේ කොටසේ ඉන්නේ. මීට  අවුරුදු ගානකට කලින් මේ අයත් කලේ වැඩට යන එක. එයාල  කොච්චර මහන්සි උනත් එයාලට පැය  24 ට වඩා වැඩ කරන්න බැහැ. එයාල එක වෙලාවක තීරනයක් ගන්නවා පැය 24 ක් වැඩ කරලා මදි කියල. සාමාන්‍ය මිනිසෙකුට බැහැ පැය 10000ක් වැඩ කරන්න. හැබැයි මෙයාල උපාධිධාරීන්, විවධ දක්ෂ මිනිස්සු බඳවාගෙන පැය  10 ගානේ එයාලගෙන් වැඩ ගන්නවා.

  • කොහොමද අපි හොඳ සමාගමක් එක්ක එකතු වෙන්නේ?

    ඕනෑම කෙනෙක් අලුතෙන් මේ ක්ෂේත්‍රයට එන්න කලින් අනිවාර්යයෙන්ම හොයල බලන්න ඕන දෙයක් තමයි තමන් එකතු එකතු වෙන්න හදන company එක විශ්වාසවන්ත, නීති ගත එකක්ද කියලා.  අපි ලංකාවේ තියන හැම company එකක්ම අපි අනුමත කරන්නේ නෑ. සමහර company වල පොඩි පොඩි අඩුපාඩු තියනවා. ඇත්තටම ඒවා හදාගෙන ඒ company වලට ඉස්සරහට යන්න පුළුවන්. එත් සමහර මිනිස්සු එකතුවෙලා හදාගත්තු unit තියනවා. ඒවාට company කියන්නත් බෑ. විකුණන products හොඳ ගුණාත්මක තත්වයේ ඒවා නෙවෙයි. හරිහමන් වගකීමේ සහතිකයක් නෑ. agents ලට commission  එක හරියට ගෙවන්නේ නෑ. මුල් ටිකේ වැඩේ හරියට කර ගිහින් අන්තිම කාලේ වහලා දානවා. මොකද agents ලට commission එක ගෙවන්න තරම් company එකේ business plan එක පන මදි. අති විශාල commission එකක් ගෙවනවා කියල මිනිස්සුන්ව රවට්ටනවා. සැලැස්මක් නෑ. ඒවා 100% ක් නීති විරෝධී. තමන්ගේ අම්ම, තාත්ත, නෑදෑයෝ, යාලුවෝ මේ වගේ නීති විරෝධී ජාවාරම් වලට රැවටිලා තියෙන්න පුළුවන්. සමහරු network marketing වලට අනවශ්‍ය බියක් දක්වන්න හේතුවත් මේකම තමයි.

    ඉතින් කොහොමද අපි හොඳ සමාගමක් එක්ක එකතු වෙන්නේ?

    ඒත් පොඩ්ඩක් හිතන්න ඔයා ඇයි පොඩ්ඩක් මේ ප්‍රශ්නෙට උත්තරය ඔයාගෙන්ම අහන්නේ නැත්තේ? මන් එහෙම කියන්නේ අනිවාර්යෙන්ම ඔයා මොන network marketing company එකක් එක්ක එකතු වෙන්න හැදුවත් ඔක්කොටම කලින් හොයල බලන්න ඒ සමාගම 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ රජයේ ලියාපදිංචි භාණ්ඩ හා සේවා විකුණන සමාගමක්ද කියලා. රජයේ ලියාපදිංචි නම් කිසිම නීතිමය ගැටළුවක් නෑ. මොකද ඒ සමාගමේ භාවිත කරන අලෙවිකරණ ක්‍රමවේදය යටතේ ඔයා සමාගමේ ස්වාධින අලෙවි නියෝජිතයෙක්. ඔයාට හම්බවෙන්නේ ඒ සමාගමේ ඔයාට හිමි වැටුප.

    අපි කාලයක් තිස්සේ ලංකාවේ සියලුම network marketing company වල පසුබිම, හැසිරීම හොඳින් අධ්‍යනය කළා. අපි සුදානම් ඔයාට උදව් කරන්න.

    ආයිත් අපි ඔයාට කරුණාවෙන් කියන්නේ නොදන්නාකමට ජාවාරම්කරුවන්ට අහුවෙලා ඔබේ වටිනා මුදල්, කාලය නාස්ති කරගන්න එපා!

  • Network marketing නීතිගත ද?

    daiu . . #Is this Legal? 

    කුමක් හෝ ව්‍යාපාරයකට මුදල් ආයෝජනය කිරීම හෝ කොටස් වෙළදපොල ආයෝජනය කිරීමට වත්මන් සමාජයේ ගොඩක් දෙනා පෙලබෙනවා. සමහරු ක්ෂේත්තය ගැන හරිහැටි දැනගෙන පිවිසුනත් ගොඩක් මිනිස්සු මේ හා සම්බන්ධ නීතිමය ස්වභාවය ගැන හරිහැටි දන්නේ නෑ. ඒක නිසාම ගොඩක් දෙනා එක එක මිනිස්සු කියන කතා වලටයි, මාධ්‍ය ආයතන කරන වැරදි ප්‍රචාර වලටයි රැවටෙනවා.

    එක එක අයගේ බොරු කතා වලට රැවටෙන්න ඕන නෑ! මොකද ඔයා වැරදි business එකක invest කරලා අමාරුවේ වැටුනොත් ඔයාව බේරගන්න ඔය නීතිය ගැන ලොකුවට කතා කරන කවුරුවත් එන්නේ නෑ. ඒක නිසා වැඩේට අත ගහන්න කලින් නෛතික ස්වභාවය කොහොමද කියල බලන එක කෝකටත් හොඳයි.

    2005 අංක 2 දරන බැංකු (සංශෝධන) පනත කියවල බලන්න. ඒකෙ පැහැදිලිවම කියනවා නීති විරෝධී ව්‍යාපාරයක් හා network marketing වෙන් කරලා හඳුනා ගන්නේ කොහොමද කියල.

     


     

     

    ඉහත දක්වල තියන කාරණා දෙක අපි වෙන වෙනමම විග්‍රහ කරලා බලමු

    – 1 –

    ලෝකේ කිසිම network marketing company එකක් agent කෙනෙක්ට ඒ agent ගෙන් පහල team එකේ ඉන්න agents ලා ගානට එහෙමත් නැත්නම් මිනිස්සුනේ ඔළුගෙඩි ගානට commission එක ගෙවන්නේ නෑ. Agent කෙනෙක්ට commission එක ගෙවන විදිය ගැන වැඩි විස්තර කලින් කොටසේදී කතා කලා. පැහැදිලිවම ඔයාට තේරෙන්න ඇති agent කෙනෙක්ට commission එක හම්බ වෙන්නේ ඒ agent විසින් collect කරන point ගානට කියල. ඒක තමයි networking වල මුලධර්මය.

    මම ඒ කාරණාව තවත් පැහැදිලි කරන්නම්. මෙහෙම හිතන්න,
    මම උපල්කල්පනයක් කරන්නම් එක point එකක value එක 100/- ක් කියල. (මේ value එක company එකෙන් company එකට වෙනස් වෙනවා )

    හොඳට බලන්න;
    ඔයාගේ Division දෙකටම ඔයාට හම්බ වෙන commission එක සමානයි.
    Division දෙකේ collect වෙලා තියන point ගාන සමානයි.
    නමුත් Division දෙකේ ඉන්න Agents ලා ගාන අසමානයි නේද?

    දැන් තේරෙනවා නේද? ඔයාට හම්බ වෙන commission එක ඔයාගේ Division දෙකේ ඉන්න Agents ප්‍රමාණය කියන සාධකය මත රඳා පවතින්නේ නෑ කියල. 

     

    – 2 –

    දෙවැනි කාරණය නම් Network marketing company එකකට කොහෙත්ම අදාළ වෙන්නේ නෑ. මන් එහෙම කියන්න හේතුව Network marketing ක්ෂේත්‍රයේ දායක මුදල් කියල දෙයක් නෑ. රජයේ ලියාපදිංචි සමාගමකින් යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීම විතරයි මෙතන සිද්ධ වෙන්න. පොඩ්ඩක් මෙහෙම හිතමුකෝ, ඔයා ජිවිතයේ කොච්චර නම් භාණ්ඩ හා සේවා මිලදී අරගෙන ඇත්ද? අපි හිතමු ඔයා සාමාන්‍ය සමාගමකින් සබන් කැටයක් මිලදී ගත්ත කියල. ඔයාට ඒ සබන් කැටය මිලදී ගැනීමත් සමාගම ඒ සබන් කැටය නිෂ්පාදනය කරන සමාගමේ ස්වාධින අලෙවි නියෝජිතයෙක් වෙලා අමතර මුදලක් උපයන්න පුළුවන් ව්‍යාපාර අවස්ථාවකුත් ඔයාට හිමි වෙනවද? නෑ නේද? නමුත් ඔයා Network marketing company එකකින් භාණ්ඩයක් මිලදී ගත්තොත් ස්වාධින අලෙවි නියෝජිතයෙක් වෙලා මාසෙකට ලක්ෂ ගානක් හොයන්න පුළුවන් ව්‍යාපාර අවස්ථාවකුත් ඔයාට නොමිලේ හිමි වෙනවා.

  • මිනිස්සු හතර ආකාරයකට තම නිදහස භුක්ති විදිනවා

    daiu . . #Time and Money 

    අපේ සමාජේ ඉන්න මිනිස්සු මම කාරනා දෙකක් මත සංශිප්ත කරන්නම්, ඒ තමයි මුදල් සහ කාලය ඒ අනුව ගත්තම මිනිස්සු කොටස් 4කට වෙන් කරන්න පුළුවන්.

     

    1වෙනි කොටස

    මේ කට්ටියට සල්ලිනම් ලොකුවට අතේ නෑ. හැබැයි කාලය ඕන තරම් තියනවා ! A/L කරලා ගෙදරට වෙලා ඉන්න නංගිලා/මල්ලිලා, විශ්‍රාමික වැඩිහිටියෝ මේ කොටසට අයත් වෙනවා.


    2වෙනි කොටස

    මේ කට්ටියට සල්ලි තියනවා පැලෙන්න. හැබැයි ඒ සල්ලි වියදම් කරන්න තරම්වත් කාලයක් නෑ! කොටින් ම කිව්වොත් තමන්ගේ පවුලේ කට්ටිය එක්ක, අම්මා/තාත්ත එක්ක, දරුවෝ එක්ක සතුටින් කාලය ගත කරන්න වෙලාවක් නෑ අපි කව්රුත් දන්නා doctor, engineer, accountant, bank manager ඉන්නේ මේ category එකේ තමා


    3වෙනි කොටස

    මේ කොටස ගැන කතා කරන්නවත් අපි නම් කැමති නෑ. මේ කට්ටියට අතේ සල්ලි නෑ. එහෙමයි කියල කාලයකුත් නෑ. අවුරුදු 20-25 job කරන කොල්ලෝ ගැන තමයි මේ කියන්නේ. නිකමට call එකක් අරන් ඇහුවොත් “මචන්, දවස් 2ක trip එකක් තියනවා, යමුද?” කියල; “අපෝ බෑ බන් job එකෙන් නිවාඩු ගන්න බෑ” කියල කියනවා, ඒ එක්කම අහන්නකො බලන්න “මචං පොඩි සල්ලි හදිස්සියක් තියනව පුලුවන්නම් ලොකු උදව්වක් රුපියල් 10000/- දියන් මම දවස් 3න් දෙන්නම් කියල” ඒත් sure එකටම පොර මෙහෙම කියයි “අතේ සල්ලි නෑ බන් පඩිය ගත්ත ගමන් ඉවරයි, රෝලක් බන් ගහන්නේ” ඔන්න ඕකයි තත්වේ!


    4වෙනි කොටස

     ඔන්න අපි ආසම කරන කොටස. මුදල් සහ කාලය කියන සාධක දෙකම අඩුවක් නැතුව තියනවා මේ අයට. මේ කොටසේ ගොඩක් ඉන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ සහ ආයෝජකයෝ. ඇත්තටම මේ කට්ටිය සාර්ථක ජිවිතයක් ගතකරනවා. මොකද කියනව නම් මනුස්සයෙක්ට මානසික නිදහස සිංහලෙන් කිව්වොත් Mental freedom එක ඇති වෙන්න නම් Money freedom වගේම Time freedom එකත් තියෙන්න ඕන